පාපන්දු කන්ඩායම්
March 9, 2008 – 9:01 pmසිරිමල් පාසලේ පාපන්දු කන්ඩායමේ ක්‍රීඩකයෙකි. ඔහු පාපන්දු තරඟාවලිකට සහභාගී වීමට නියමිතයි. එම තරගාවලියේ තරඟ “round-robin” ආකාරයෙන් පැවැත්වේ. එනම් සහභාගී වන සෑම කන්ඩායමක්ම අනිත් සෑම කන්ඩායමක් සමගම තරඟ වදිනු ඇත. සිරිමල්ගේ ගුරුතුමා පැවසුවේ සියලුම තරඟ 66 කට සහභාගී වීමට සිදුවන බවයි♦. ඒත් කොපමන පාපන්දු කන්ඩායම් ගණනක් සහභාගී වේදැයි? සිරිමල් නොදනී.
එම තරඟාවලියට සහභාගී වන පාපන්දු කන්ඩායම් ගණන කීයදැයි? ඔබට සිරිමල්ට සොයදිය හැකිද? එසේනම් ඒ කීයද?
♦ ගැටලුව සංශෝධනය කර ඇත.
ඉහත ගැටලුව ඉදිරිපත් කිරීමේදී කිසියම් අඩුවක් සිදු වී ඇති බව හැගේ. “සිරිමල්ගේ ගුරුතුමා පැවසුවේ සියලුම තරඟ 66 කට සහභාගී වීමට සිදුවන බවයි”. ඇත්තෙන්ම මෙයින් කීමට අවශ්‍ය වූයේ, තරඟාවලියේ සියලුම තරඟ ගණන 66 යන්නයි.

5 Responses to “පාපන්දු කන්ඩායම්”
පාපන්දු කානඩායම් 12 යි…
By මලා on Mar 10, 2008
67යි නේද? මොකද සර් කියපු විදිහට අපිට තරඟ 66ක් තියනව නං, කණ්ඩායම් 66ක් ඇති, අපි නැතුව. අපේ කණ්ඩායමත් එක්ක කණ්ඩායම් 67යි කියලයි මං හිතන්නෙ.
By සිරිමල් on Mar 10, 2008
මමත් හිතන්ෙන් සිරිමල් හරි
By නිමා on Mar 11, 2008
ඉහත ගැටලුව ඉදිරිපත් කිරීමේදී කිසියම් අඩුවක් සිදු වී ඇති බව හැගේ. “සිරිමල්ගේ ගුරුතුමා පැවසුවේ සියලුම තරග 66 කට සහභාගී වීමට සිදුවන බවයි”. ඇත්තෙන්ම මෙයින් කීමට අවශ්‍ය වූයේ, තරගාවලියේ සියලුම තරඟ ගණන 66 යන්නයි.
සිදු වූ අත් වැරැද්දට කණගාටු වෙමි.
By Lakmal Warusawithana on Mar 11, 2008
කන්ඩායම් ගණන 12 යි.
පිළිතුර - පාපන්දු කන්ඩායම්
By Lakmal Warusawithana on Mar 15, 2008