නූල් පන්දුව

March 18, 2008 – 11:54 am

සිලින්ඩාකාර නූල් පන්දුවක උස 126 cm ද, පරිධිය 24 cm ද වේ. එහි ඉහල කෙලවරේ සිට පහළ කෙලවර දක්වා; සම්පූර්ණ වට 7ක් එතෙන සේ නූලක් ඔතා ඇත. එම නූලෙහි දිග කොපමණ දැයි කිව හැකිද?

  1. 4 Responses to “නූල් පන්දුව”

  2. ගණිතය විද්‍යාවේ රජුය. විද්‍යාව නැති තැන අඥාන භාවය ඇතිවේ. අතීතයේ සියලු උගතුන් ගණිතඥයෝ වූහ. ලියනාඩෝ ඩාවින්චි හා මයිකල් ඇන්ජලෝ ගණිතය හොඳින් දැනගත් චිත්‍ර ශිල්පියෝය. එමනිසා ඔවුන්ගේ නිර්මාණ අද්වීතීය විය. සිංහල යුනිකෝඩ් වල් පල් සටහන් අතරට නිර්මාණාත්මක ලෙස ගණිතය වැනි චිශයක් එකතු කිරිමෙන් සිංහල භාෂාව අන්තර්ජාල ගත කිරීම පවක් නොවන බව පෙන්වයි. ඔබගේ අඩවිය මා හට මතක් කරන්නේ වයි පෙරල්මාන් ලිවූ ගණිත විනෝදය පොතයි. අප චිසින් ග්‍රාමීය දැනුම වඩවන ශිල්ප සයුර ව්‍යාපෘතියේ ගණිත අංශයට ඔබට ආරාධනා කරනු කැමෙත්තෙමු.

    http://www.shilpasayura.org

    ඔබ අඩවිය සිංහල බ්ලොග් සින්ඩිකේටරයේ අගය වැඩි කරයි.

    By චම්පික on Mar 18, 2008

  3. ස්තූතියි,
    ලක් සිසු සිසුවියන්ගේ දැනුම වඩවන ඕනෑම දෙයකට සහයෝදය දෙන්නම්. ශිල්ප සයුරටත් පුලුවන් අයුරින් දායකත්වයක් දෙන්නම්.

    By Lakmal Warusawithana on Mar 19, 2008

  4. චම්පික වයි පෙරල්මාන් ලිවූ ගණිත විනෝදය පොත මාත් ඉතාම ප්‍රියකරන පොතක්. ඇත්තටම කියනවා නම් මගේ ජීවිත‍ය සහ චින්තන රටාව වෙස් කරපු පොතක්.

    By දසුන් සමීර on Mar 23, 2008

  5. පිළිතුර නූල් පන්දුව

    By Lakmal Warusawithana on Apr 1, 2008

Post a Comment