ඕනෑම සංඛ්‍යාවක් 11 න් ගුණ කිරීම
March 19, 2008 – 1:56 pmඋදාහරණයක් ලෙස; 54321 x 11 ගනිමු. සාමාන්‍ය ආකාරයට විසදුව හොත්;
දැන් පහසු ක්‍රමයක් බලමු.
ඉහත විසදුමෙහි; කිසියම් රටාවක් ඔබ දුටුවේ ද?
මෙහිදී මතක තබා ගතයුතු වැදගත් කරුණක් වනුයේ; සංඛ්‍යා එකතු කිරීම කල යුත්තේ; දකුණු පස සිට වම් පසටය. එයට හේතුව; සංඛ්‍යා 2ක් එකතුව 9ට වැඩි වුවහොත්, ඉතිරිය ඉදිරියට ගෙන යා යුතුයි.
තවත් උදාහරණයක් සලකමු;
11 × 9527136
හොඳයි; 6 අවසාන සංඛ්‍යාව බැවින් පිළිතුර
???????6.
ඊලඟ යුගලය ගනිමු. 6+3=9. එනිසා පිළිතුර;
??????96.
මේ ආකාරයට, 3+1=4. එනිසා;
?????496.
1+7=8. එනිසා;
????8496.
7+2=9. එනිසා
???98496.
2+5=7.එනිසා;
??798496.
5+9=14. මෙහීදී අප 4 පිළිතුරට ලියා; 1 ඉදිරියට ගෙන යනු ලැබේ.
?4798496.
9 අවසාන අංකය බැවින් 9+0=9. නමුත් පෙර ස්ථානයෙන් 1ක් ඉදිරියට ගෙන ආ බැවින්; 9+0+1=10. එනිසා පිළිතුර වනුයේ;
104798496.


