පිළිතුර - නූල් පන්දුව
April 1, 2008 – 11:38 amප්‍රශ්නය - නූල් පන්දුව
පිළිතුර සෙවීමට කලින්, උදාහරණයක් ලෙස පහත දැක්වෙන රූප සටහන බලමු.
සම්පූර්ණ වට 4ක් සිලින්ඩරය වටා එතෙන විට; සිලින්ඩරය (නූල් පන්දුව) දිගහැර බැලූ විට ඉහත ආකාරයට දිස්වේ. එනම් සමාන සෘජුකෝණාශ්‍ර 4ක විකර්ණ ඔස්සේ නූල ගමන් කර ඇත.
අපගේ ගැටලුවේ නූල් පන්දුව දිග හැරිය විට පළල 24cm හා දිග 126cm වූ සෘජුකෝණාශ්‍රයක් ලැබේ. සම්පූර්ණ වට 7ක් එතෙන නිසා දිග (126÷7) 18cm හා පළල 24cm වන සෘජුකෝණාශ්‍ර 7ක විකර්ණ ඔස්සේ නූල දිවෙනු ඇත.
එක් සෘජුකෝණාශ්‍රයක විකර්ණයක දිග = √(18²+24²) = 30cm (පයිතගරස් ප්‍රමේය භාවිතයෙන්)
එනිසා නූලේ මුලු දිග = 7×30 = 210cm


One Response to “පිළිතුර - නූල් පන්දුව”
තේරුණා!
෴
By ෴ on Apr 4, 2008