1 න් පටන් ගන්නා ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 7, 2008 – 12:09 am
  1. සංඛ්‍යාව 1X ලෙස ගනිමු.
  2. දෙවැනි ඉලක්කමේ වර්ගය ගන්න (එය 10ට වඩා වැඩි නම් ඉතිරිය තබාගන්න). X²=AB ලෙස හා ඉතිරිය A ලෙස ගනිමු.
    • [ _ _ B ]
  3. දෙවැනි ඉලක්කම 2න් ගුණ කර එයට ඉතිරිය එකතු කරන්න.{(X×2)+A}=PQ ලෙස හා ඉතිරිය P ලෙස ගනිමු.
    • [ _ Q B ]
  4. ඉතිරිය 1ට එකතු කරන්න. (P+1)=R ලෙස ගනිමු.
    • එවිට පිළිතුර [ R Q B ]

උදාහරණ: අංක 1

  1. 16²=? දැයි සොයමු.
  2. 6²=36. එනිසා [ _ _ 6] හා ඉතිරිය 3යි.
  3. (6×2)+3=15. එනිසා [ _ 5 6 ] හා ඉතිරිය 1යි.
  4. 1+1=2. එනිසා පිළිතුර 256 යි.

උදාහරණ: අංක 2

  1. 19²=?
  2. 9²=81. එනිසා [ _ _ 1] හා ඉතිරිය 8යි.
  3. (9×2)+8=26. එනිසා [ _ 6 1 ] හා ඉතිරිය 2යි.
  4. 1+2=3. එනිසා පිළිතුර 361යි.

Post a Comment