පිළිතුර - සීයාගේ වයස

April 17, 2008 – 10:50 am

ප්‍රශ්නය - සීයාගේ වයස

සීයාගේ වයස අවුරුදු m ලෙස ගනිමු.

පුතාගේ වයස අවුරුදු s ලෙස ගත්විට, පුතාගේ වයස සති වලින් සති 52s වේ. මුණුබුරාගේ වයස අවුරුදු g ලෙස ගත්විට, මුණුබුරාගේ වයස දවස් 365g වේ.

මුණුබුරාගේ වයස දවස් වලින් ගත් කළ; එය මගේ පුතාගේ වයසේ සති ගණනට සමාන බැවින්;

365g = 52s වේ.

මුණුබුරායේ වයසේ මාස ගණන මගේ වයසේ අවුරුදු ගණනට සමාන බැවින්;

12g = m වේ.

මුණුබුරාගේත්, පුතාගේත්, මගේත් වයස් වල එකතුව අවුරුදු 100ක් බැවින්;

g + s + m = 100

ඉහත සමීකරණ 3 යි හා නොදන්නා පද 3 යි බැවින් සමීකරණ විසදිය හැක.

m / 12 + 365 m / (52 × 12) + m = 100

52 m + 365 m + 624 m = 624 × 100

m = 60

එනිසා සීයාගේ වයස 60 යි.

Post a Comment