20 සේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 18, 2008 – 10:50 pm- සංඛ්‍යාව 2X ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම වර්ග කරන්න. X²=PQ
- [ _ _ Q ]
- අවසන් ඉලක්කම 4න් ගුණ කර ඉහත ඉතිරිය එකතු කරන්න. (4×X)+P=RS
- [ _ S Q ]
- ඉහත ඉතිරියට 4ක් එකතු කිරීමෙන් පිළිතුරේ පළමු ඉලක්කම ලැබේ. (4+R)=AB
- [ A B S Q ]
උදාහරණ අංක 1;
- 24²=?
- 4²=16; එනිසා පළිතුර [ _ _ 6]
- 4×4+1=17. එනිසා පළිතුර [ _ 7 6]
- 4+1=5; එනිසා පළිතුර [ 5 7 6]
- 24²=576
උදාහරණ අංක 2;
- 29²=?
- 9²=81; එනිසා පළිතුර [ _ _ 1]
- 9×4+8=46. එනිසා පළිතුර [ _ 4 1]
- 4+4=8; එනිසා පළිතුර [ 8 4 1]
- 29²=841
