3 න් අවසන් වන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 18, 2008 – 8:58 pm- සංඛ්‍යාව X3 ලෙස ගනමු.
- 3 හි වර්ගය පිළිතුරෙහි අවසන් ඉලක්කම වේ.
- [ _ _ _ 9]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම 6න් (6 ලැබුණේ අවසන් ඉලක්කම 2න් ගුණ කිරීමෙන්) ගුණ කරන්න. 6×X=PQ නම්; Q පිළිතුරට එක් කොට P ඉතිරිය ඉදිරියට ගෙන යන්න.
- [ _ _ Q 9]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම වර්ග කර ඉහත ඉතිරිය (P) එකතු කරන්න. ( X² + P )=RS නම්, පිළිතුර;
- [ R S Q 4 ]
උදාහරණ අංක 1;
- 73²=? සොයමු.
- [ _ _ _ 9 ]
- 7×6=42; එනිසා පිළිතුර [ _ _ 2 9]
- 7² + 4 = 53; එනිසා පිළිතුර [ 5 3 2 9]
- 73²=5329
උදාහරණ අංක 2;
- 23²=? සොයමු.
- [ _ _ _ 9 ]
- 2×6=12; එනිසා පිළිතුර [ _ _ 2 9]
- 2² + 1 = 5; එනිසා පිළිතුර [ _ 5 2 9]
- 23²=529
