4 න් අවසන් වන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 18, 2008 – 9:06 pm- සංඛ්‍යාව X4 ලෙස ගනමු.
- සංඛ්‍යාවේ අවසන් ඉලක්කම වර්ග කර පිළිතුරට 6 ලියා 1ක ඉදිරියට ගෙන යන්න.
- [ _ _ _ 6]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම 8න් (8 ලැබුණේ අවසන් ඉලක්කම 2න් ගුණ කිරීමෙන්) ගුණ කරන්න. (8×X)+1=PQ නම්; Q පිළිතුරට එක් කොට P ඉතිරිය ඉදිරියට ගෙන යන්න.
- [ _ _ Q 6 ]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම වර්ග කර ඉහත ඉතිරිය (P) එකතු කරන්න. ( X² + P )=RS නම්, පිළිතුර;
- [ R S Q 6 ]
උදාහරණ අංක 1;
- 74²=? සොයමු.
- [ _ _ _ 6 ]
- (7×8)+1=57; එනිසා පිළිතුර [ _ _ 7 6]
- 7² + 5 = 54; එනිසා පිළිතුර [ 5 4 7 6]
- 74²=5476
උදාහරණ අංක 2;
- 24²=? සොයමු.
- [ _ _ _ 6 ]
- (2×8)+1=17; එනිසා පිළිතුර [ _ _ 7 6]
- 2² + 1 = 5; එනිසා පිළිතුර [ _ 5 7 6]
- 24²=576
