5 න් පටන් ගන්නා ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 18, 2008 – 8:44 pm
  1. සංඛ්‍යාව 5X ලෙස ගනිමු.
  2. පළමු ඉලක්කම වර්ග කර එයට දෙවැනි ඉලක්කම එකතු කරන්න. ලැබෙන සංඛ්‍යාව; පිළිතුරේ මුල් ඉලක්කම් 2 වේ.
    • 5²=25; 25+X = AB; ලෙස ගනිමු. එවිට පිළිතුර [ A B _ _]
  3. දෙවැනි ඉලක්කම වර්ග කරන්න. ලැබෙන පිළිතුර ඉලක්කම් 2කින් ලියන්න. එනම් X² ය 10 වඩා අඩු නම් මුලට 0 සමඟ ලියන්න.
    • X²=PQ නම්, පිළිතුර [A B P Q] වේ.

උදාහරණ අංක 1;

  1. 54²=? සොයමු.
  2. 5²+4=29; එනිසා පිළිතුර [ 2 9 _ _ ]
  3. 4²=16; එනිසා පිළිතුර [ 2 9 1 6].
  4. 54²=2916

උදාහරණ අංක 2;

  1. 51²=? සොයමු.
  2. 5²+1=26; එනිසා පිළිතුර [ 2 6 _ _ ]
  3. 1²=1; එනිසා පිළිතුර [ 2 6 0 1 ]
  4. 51²=2601

Post a Comment