6 න් අවසන් වන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 18, 2008 – 9:11 pm
  1. සංඛ්‍යාව X6 ලෙස ගනිමු.
  2. සංඛ්‍යාවේ අවසන් ඉලක්කම වර්ග කර පිළිතුරට 6 ලියා 3 ඉදිරියට ගෙන යන්න.
    • [ _ _ _ 6]
  3. සංඛ්‍යාවේ පළමු ඉලක්කම 2න් ගුණ කරන්න. (2×X)+3=PQ නම්; Q පිළිතුරට එක් කොට P ඉතිරිය ඉදිරියට ගෙන යන්න.
    • [ _ _ Q 6 ]
  4. සංඛ්‍යාවේ පළමු ඉලක්කම එහි අනුක්‍රමික සංඛ්‍යාවෙන් ගුණ කර ඉහත ඉතිරිය (P) එකතු කරන්න. {X×(X+1)} + P =RS නම්, පිළිතුර;
    • [ R S Q 6 ]

උදාහරණ අංක 1;

  1. 76²=? සොයමු.
  2. [ _ _ _ 6 ]
  3. (7×2)+3=17; එනිසා පිළිතුර [ _ _ 7 6]
  4. (7×8) + 1 = 57; එනිසා පිළිතුර [ 5 7 7 6]
  5. 76²=5776

උදාහරණ අංක 2;

  1. 26²=? සොයමු.
  2. [ _ _ _ 6 ]
  3. (2×2)+3=07; එනිසා පිළිතුර [ _ _ 7 6]
  4. (2×3) + 0 = 06; එනිසා පිළිතුර [ 0 6 7 6]
  5. 26²=676

Post a Comment