60 ටේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 18, 2008 – 11:45 pm
  1. සංඛ්‍යාව 6X ලෙස ගනිමු.
  2. අවසන් ඉලක්කම වර්ග කරන්න. X²=PQ
    • [ _ _ Q ]
  3. අවසන් ඉලක්කම 12න් ගුණ කර ඉහත ඉතිරිය එකතු කරන්න. (12×X)+P=RS
    • [ _ S Q ]
  4. ඉහත ඉතිරියට 36ක් එකතු කිරීමෙන් පිළිතුරේ පළමු ඉලක්කම ලැබේ. (36+R)=AB
    • [ A B S Q ]

උදාහරණ අංක 1;

  1. 64²=?
  2. 4²=16; එනිසා පළිතුර [ _ _ 6]
  3. 4×12+1=49. එනිසා පළිතුර [ _ 9 6]
  4. 36+4=40; එනිසා පළිතුර [ 4 0 9 6]
  5. 64²=4096

උදාහරණ අංක 2;

  1. 69²=?
  2. 9²=81; එනිසා පළිතුර [ _ _ 1]
  3. 9×12+8=116. එනිසා පළිතුර [ _ 6 1]
  4. 36+11=47; එනිසා පළිතුර [ 4 7 6 1]
  5. 69²=4761

Post a Comment