7 න් අවසන් වන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 18, 2008 – 9:12 pm- සංඛ්‍යාව X7 ලෙස ගනිමු.
- සංඛ්‍යාවේ අවසන් ඉලක්කම වර්ග කර පිළිතුරට 9 ලියා 4ක ඉදිරියට ගෙන යන්න.
- [ _ _ _ 9]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම 4න් ගුණ කරන්න. (4×X)+4=PQ නම්; Q පිළිතුරට එක් කොට P ඉතිරිය ඉදිරියට ගෙන යන්න.
- [ _ _ Q 9 ]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම එහි අනුක්‍රමික සංඛ්‍යාවෙන් ගුණ කර ඉහත ඉතිරිය (P) එකතු කරන්න. { X×(X+1)} + P =RS නම්, පිළිතුර;
- [ R S Q 9 ]
උදාහරණ අංක 1;
- 77²=? සොයමු.
- [ _ _ _ 9 ]
- (7×4)+4=32; එනිසා පිළිතුර [ _ _ 2 9]
- (7×8) + 3 = 59; එනිසා පිළිතුර [ 5 9 2 9]
- 77²=5929
උදාහරණ අංක 2;
- 27²=? සොයමු.
- [ _ _ _ 9 ]
- (2×4)+4=12; එනිසා පිළිතුර [ _ _ 2 9]
- 2×3 + 1 = 7; එනිසා පිළිතුර [ _ 7 2 9]
- 27²=729
