8 න් අවසන් වන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 18, 2008 – 9:12 pm- සංඛ්‍යාව X8 ලෙස ගනිමු.
- සංඛ්‍යාවේ අවසන් ඉලක්කම වර්ග කර පිළිතුරට 4 ලියා 6 ඉදිරියට ගෙන යන්න.
- [ _ _ _ 4]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම 6න් ගුණ කරන්න. (6×X)+6=PQ නම්; Q පිළිතුරට එක් කොට P ඉතිරිය ඉදිරියට ගෙන යන්න.
- [ _ _ Q 4 ]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම එහි අනුක්‍රමික සංඛ්‍යාවෙන් ගුණ කර ඉහත ඉතිරිය (P) එකතු කරන්න. {X × (X+1)} + P =RS නම්, පිළිතුර;
- [ R S Q 4 ]
උදාහරණ අංක 1;
- 78²=? සොයමු.
- [ _ _ _ 4 ]
- (7×6)+6=48; එනිසා පිළිතුර [ _ _ 8 4]
- 7×8 + 4 = 60; එනිසා පිළිතුර [ 6 0 8 4]
- 78²=6084
උදාහරණ අංක 2;
- 28²=? සොයමු.
- [ _ _ _ 4 ]
- (2×6)+6=18; එනිසා පිළිතුර [ _ _ 8 4]
- 2×3 + 1 = 7; එනිසා පිළිතුර [ _ 7 8 4]
- 28²=784
