9 න් පටන් ගන්නා ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 18, 2008 – 8:11 pm
  1. සංඛ්‍යාව 9X ලෙස ගනිමු.
  2. එය 100 න් අඩුකර වෙනස ගන්න.
    • (100 − 9X) = A යැයි ගනිමු.
  3. ඉන්පසු ඉහත ලැබුනු වෙනස; නැවත මූලික සංඛ්‍යාවෙන් අඩුකර වෙනස ගන්න. එය පිළිතුරේ මුල් ඉලක්කම් 2 වේ.
    • (9X − A)= PQ ලෙස ගත්විට පිළිතුර [ P Q _ _ ] වේ.
  4. පළමු වෙනසේ වර්ගයෙන් ( A² ) පිළිතුරේ අග ඉලක්කම් 2 ක ලැබේ.( වර්ගය 10 අඩු නම් මුලට 0 ලියන්න ) A²=RS
    • එවිට පිළිතුර [ P Q R S] වේ.

උදාහරණ අංක 1;

  1. 97²=? සොයමු.
  2. (100 − 97) = 3;
  3. (97 − 3)= 94; එනිසා පිළිතුර [ 9 4 _ _ ] වේ.
  4. 3²=9; එනිසා පිළිතුර [ 9 4 0 9] වේ.
  5. 97²=9409

උදාහරණ අංක 2;

  1. 92²=? සොයමු.
  2. (100 − 92) = 8;
  3. (92 − 8)= 84; එනිසා පිළිතුර [ 8 4 _ _ ] වේ.
  4. 8²=64; එනිසා පිළිතුර [ 8 4 6 4] වේ.
  5. 92²=8464

Post a Comment