මුලට 1 හා ඉතිරිය 9යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 11:15 am
  1. මුලට 1 හා ඉතිරිය 9යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. පලමු ඉලක්කම 3ද;
  3. 9 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 9යේ ඉලක්කම්ද;
  4. ඊලගට 6 ද;
  5. 9යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 0 ඉලක්කම්ද;
  6. අවසානයට 1 වේ.

උදාහරණ අංක 1

  1. 1999²=?
  2. 3_ _ _ _ _
  3. 399_ _ _ _ _
  4. 3996_ _ _ _
  5. 399600_
  6. 3996001
  7. 1999²=3996001

උදාහරණ අංක2

  1. 199999²=?
  2. 3_ _ _ _ _ _ _ _ _ _
  3. 39999_ _ _ _ _ _ _ _
  4. 399996_ _ _ _ _
  5. 3999960000_
  6. 39999600001
  7. 199999²=39999600001

Post a Comment