3 නේ ඉලක්කම් වලින් යුත්, අගට 8 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 6:15 am- 3 නේ ඉලක්කම් වලින් යුත් හා අගට 8 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 3නේ ඉලක්කම් ගණනට සමාන 1කේ ඉලක්කම්ද;
- ඊලගට 4 ද;
- 3නේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 2කේ ඉලක්කම්ද;
- අවසානයට 44 වේ.
උදාහරණ අංක 1
- 33338²=?
- 1111_ _ _ _ _ _
- 11114_ _ _ _
- 11114222 _
- 1111422244
- 33338²=1111422244
උදාහරණ අංක2
- 33333338²=?
- 1111111 _ _ _ _ _ _ _ _ _
- 11111114_ _ _ _ _ _ _ _
- 11111114222222_ _
- 1111111422222244
- 33333338²=1111111422222244
