3 නේ ඉලක්කම් වලින් යුත් හා අගට 1 ඇති සංඛ්‍යාවක වර්ගය සෙවීම
April 19, 2008 – 4:45 am- 3 නේ ඉලක්කම් වලින් යුත් හා අගට 1 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 3නේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 1කේ ඉලක්කම්ද;
- ඊලගට 09 ද;
- ඊලගට 3නේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 5කේ ඉලක්කම්ද;
- අවසානයට 61 වේ.
උදාහරණ අංක 1
- 33331²=?
- 111_ _ _ _ _ _ _
- 11109_ _ _ _ _
- 11109555_ _
- 1110955561
- 33331²=1110955561
උදාහරණ අංක2
- 33333331²=?
- 111111_ _ _ _ _ _ _ _ _ _
- 11111109_ _ _ _ _ _ _ _
- 11111109555555_ _
- 1111110955555561
- 33333331²=1111110955555561
