6 යේ ඉලක්කම් වලින් යුත්, අගට 1 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 6:45 am- 6 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 1 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 6 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 4රේ ඉලක්කම්ද;
- ඊලගට 36 ද;
- 6නේ ඉලක්කම් ගණනට දෙකක් අඩුවෙන් 8කේ ඉලක්කම්ද;
- අවසානයට 921 වේ.
උදාහරණ අංක 1
- 6661²=?
- 44_ _ _ _ _ _
- 4436 _ _ _ _
- 44368 _ _ _
- 44368921
- 6661²=44368921
උදාහරණ අංක2
- 666661²=?
- 4444_ _ _ _ _ _ _ _
- 444436 _ _ _ _ _ _
- 444436888 _ _ _
- 444436888921
- 666661²=444436888921
