පිළිතුර - නිමල්ගේ හා සුනිල්ගේ අනුක්‍රමික සංඛ්‍යා 2ක සෙවීම

May 26, 2008 – 11:22 am

ප්‍රශ්නය -නිමල්ගේ හා සුනිල්ගේ අනුක්‍රමික සංඛ්‍යා 2ක සෙවීම

නිමල් ලඟ හෝ සුනිල් ලඟ 1 හෝ 10 තිබුනේ නම්, අනිකා ලඟ ඇති සංඛ්‍යාව පහසුවෙන් සොයාගනු ඇත. එසේ නොවුන නිසා ඔවුන් ලඟ ඇති සංඛ්‍යා 1 හෝ 10 නොවේ.

නිමල් ලඟ 2 තිබුණි නම්; සුනිල් ලඟ 1 හෝ 3 තිබිය යුතුයි. නමුත් සුනිලුත් නිමල් ලඟ ඇති සංඛ්‍යාව දන්නෑ කිව් නිසා සුනිල් ලඟ 1 තිබිය නොහැක. එනිසා නිමල් ලඟ 2 තිබුණි නම්; සුනිල් ලඟ 3 තිබිය යුතු බව නිමල් සොයා ගනී.

නිමල් ලඟ 3 තිබේ නම්; සුනිල් ලඟ 2 හෝ 4 තිබිය යුතුයි. නමුත් සුනිල් ලඟ 2 තිබුනේ නම් ඔහු නිමල්ගේ සංඛ්‍යාව සොයා ගනී. (මන්ද නිමල් මුලින්ම දන්නැති බව පැවසූ නිසා, නිමල් ලඟ 1 තිබිය නොහැකි අතර එසේ නම්‍ නිමල් ලඟ 3 තිබිය යුතු බව සුනිල්ට සොයා ගත හැක. සුනිල් සොයානොගත් නිසා සුනිල් ලඟ 2 තිබිය නොහැකි අතර, එනිසා 4 තිබිය යුතුය.) එනිසා නිමල් ලඟ 3 තබුනේ නම්, සුනිල් ලඟ 4 ඇති බව නිමල් සොයා ගනී.

ඉහත තර්කයේ ආකාරයටම නිමල් ලඟ 9 තිබුණේ නම් සුනිල් ලඟ 8 තිබිය යුතු බවත්; නිමල් ලඟ 8 තිබුණේ නම් සුනිල් ලඟ 7 තිබිය යුතු බවත් නිමල් සොයා ගනී.

Post a Comment