Archive for the ‘ගණිත ප්‍රහේලිකා’ Category

100 සංඛ්‍යාව හදමු

Monday, May 26th, 2008

1 හා 7 ඉලක්කම් 4ක් (1,7,7,7,7) හා +, -, x, ÷ හා වරහන් පමණක් භාවිතා කර 100 සංඛ්‍යාව හදමු.

නිමල්ගේ හා සුනිල්ගේ අනුක්‍රමික සංඛ්‍යා 2ක සෙවීම

Thursday, April 24th, 2008

ගුරුතුමා 1ත් 10ත් අතර ඇති අනුක්‍රමික සංඛ්‍යා දෙකක් සිතා, ඉන් එකක් නිමල්ටද, අනික සුනිල්ටද කියන ලදී. නිමල් හා සුනිල් අතර පහත සඳහන් සංවාදය ඇතිවිය. නිමල්: "මම ඔයාගේ සංඛ්‍යාව දන්නේ නෑ" සුනිල්: "මමත් ඔයගේ සංඛ්‍යාව දන්නේ නෑ" නිමල්: "ආ.. මම දැන් ඔයාගේ සංඛ්‍යාව දන්නවා." නිමල් එය දැන ගන්නේ කෙසේද?

ඉලක්කම් 5හේ සංඛ්‍යාව

Thursday, April 24th, 2008

ඉලක්කම් 5හේ සංඛ්‍යාවකට පහත දැක්වෙන ගුණාංග ඇත. එම සංඛ්‍යාවට මුලින් 1කේ ඉලක්කම දැමූවිට ලැබෙන සංඛ්‍යාව; අගට 1යෙදු විට ලැබෙන සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් කුඩා වේ. මෙම ඉලක්කම් 5 හේ සංඛ්‍යාව කුමක්ද?

සීයාගේ වයස

Wednesday, April 2nd, 2008

මගේ මුණුබුරාගේ වයස දවස් වලින් ගත් කළ; එය මගේ පුතාගේ වයසේ සති ගණනට සමානය. මුණුබුරායේ වයසේ මාස ගණන මගේ වයසේ අවුරුදු ගණනට සමානය. මුණුබුරාගේත්, පුතාගේත්, මගේත් වයස් වල එකතුව අවුරුදු 100කි. මගේ වයස කීයදැයි කිව හැකිද? [ad#ad-1]

නූල් පන්දුව

Tuesday, March 18th, 2008

සිලින්ඩාකාර නූල් පන්දුවක උස 126 cm ද, පරිධිය 24 cm ද වේ. එහි ඉහල කෙලවරේ සිට පහළ කෙලවර දක්වා; සම්පූර්ණ වට 7ක් එතෙන සේ නූලක් ඔතා ඇත. එම නූලෙහි දිග කොපමණ දැයි කිව හැකිද? [ad#ad-1]

චිත්‍ර ව්‍යාපෘතිය

Tuesday, March 11th, 2008

කමල් 10 A පන්තියේ ශිෂ්‍යයෙකි. ඔහු සෞන්දර්ය විෂයට චිත්‍ර හදාරයි. ඔහු සමග මුලු සිසුන් 5 දෙනෙක් 10 A පන්තියෙන් චිත්‍ර හදාරයි. ඔවුනට චිත්‍ර ව්‍යාපෘතියක් ලෙස, පාසලේ තාප්පය වටා චිත්‍ර ඇදීමට ලැබිණි. චිත්‍ර ගුරුතුමියගේ ගණනය කිරීමට අනුව ඒ සදහා ඔවුනට දින 14 ක් ගතවේ. ව්‍යාපෘතිය ආරම්භ වී දින 6 කින් පසු, ...

පාපන්දු කන්ඩායම්

Sunday, March 9th, 2008

සිරිමල් පාසලේ පාපන්දු කන්ඩායමේ ක්‍රීඩකයෙකි. ඔහු පාපන්දු තරඟාවලිකට සහභාගී වීමට නියමිතයි. එම තරගාවලියේ තරඟ "round-robin" ආකාරයෙන් පැවැත්වේ. එනම් සහභාගී වන සෑම කන්ඩායමක්ම අනිත් සෑම කන්ඩායමක් සමගම තරඟ වදිනු ඇත. සිරිමල්ගේ ගුරුතුමා පැවසුවේ සියලුම තරඟ 66 කට සහභාගී වීමට සිදුවන බවයි♦. ඒත් කොපමන පාපන්දු කන්ඩායම් ගණනක් සහභාගී වේදැයි? සිරිමල් නොදනී. එම තරඟාවලියට ...

සල්ලි මල්ල

Sunday, March 9th, 2008

අබිලින් සීයා ලඟ රුපියලේ කාසි 144 ඇත. ඔහුට මෙම කාසි වෙන, වෙන මලු කීපයක ඇසිරීමට අවශ්‍ය වී ඇත. හැබැයි, කවුරුන් හෝ ඔහුගෙන් රුපියලත් , රුපියල් 144 ත් අතර ඕනම ගණනක් ඉල්ලූ විට, සල්ලි මලු කිසිවක් විවෘත නොකොට, මලු කීපයකින් (මලු කීපයක එකතුවකින්) එම මුදල දීමට හැකිවිය යුතුයි. මේ සදහා අබිලින් ...

ගණිත ප්‍රහේලිකා

Sunday, March 9th, 2008

ගණිත ප්‍රහේලිකා යටතේ, ගණිත ප්‍රහේලිකාවන් ඉදිරිපත් කරනු ලැබේ. බොහෝ දුරට මේවා විසදීම තුලින් විනෝදයක් ලබා ගත හැකිවන සේ; ප්‍රහේලිකා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. ප්‍රධාන වශයෙන් පහසු ප්‍රහේලිකා, සාමාන්‍ය ප්‍රහේලිකා හා අභියෝගි ප්‍රහේලිකා ලෙස; සංකීර්ණතා මට්ටම් 3 කින් යුක්තව ගැටලු ඉදිරිපත් වේ. තමන්ගේ වයස හා බුද්ධි මට්ටම අනුව ප්‍රහේලිකා තෝරා ගත ...